ලොව ප්‍රධාන නීති සම්ප්‍රදායන් කීපයකි. රෝම - ලන්දේසි නීතිය මූලික කොටගෙන සැකසුණු ‘සිවිල් නීති සම්ප්‍රදාය‘(Civil Law Tradition); ඉංග්‍රිසි නීතිය මූලික කරගත් ‘පොදු නීති සම්ප්‍රදාය‘(Common Law Tradition); ආගමික නීති සම්ප්‍රදායන් (Canon Laws) සහ කොමියුනිස්ට් නීති සම්ප්‍රදාය (Communist Law Tradition) එම ප්‍රධාන නීති සම්ප්‍රදායන් වේ.
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා යුරෝපා රටවල් රැසක රෝම - ලන්දේසි නීතිය පොදු නීතිය ලෙස ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ පොදුරාජ්‍යය මණ්ඩලීය රටවල සාමාන්‍ය නීතිය වන්නේ ඉංග්‍රිසි නීතියයි. පැරණි සෝවියට් සමූහාණ්ඩුව හා වර්තමාන මහජන චීන සමූහාණ්ඩුව තුළ ප්‍රධාන නීතිය වශයෙන් කොමියුනිස්ට් නීතිය ක්‍රියාත්මක වේ. ආගමික නීති සම්ප්‍රදායන් ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතර මැදපෙරදිග කලාපයේ ඉස්ලාමික රාජ්‍යයන් ප්‍රධාන වේ. ඉස්ලාමිය ‘ෂරියා‘ නීතිය මේ රටවල ක්‍රියාත්මක වන පොදු නීතියයි.
ඉස්ලාමීය ‘ෂරියා‘ නීතිය ‘කුරාණය‘ හා ‘හදීත්‘ නම් ආගමික ග්‍රන්ථ මත පදනම් වූවකි. සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, නියජීරියාව, උතුරු සුඩානය වැනි රාජ්‍යයන් ගණනාවක ‘ෂරියා‘ නීතිය ක්‍රියාත්මක වේ. ආගමක් වශයෙන් ඉස්ලාම් දහම ලොව පුරා විසිරී සිටින බිලියන 1.6 ක් පිළිගනු ලබයි. ‘ෂරියා‘ නීතිය මෙම සියළුම ඉස්ලාමිකයන් හට අදාල නොවුණද, ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටක ජීවත්වන ඉස්ලාමිය නොවන්නකුට වූවද ෂරියා නීතිය අදාල වේ.
නූතන ලෝකයා අනුමත නොකරන ආකාරයේ අමානුෂික දණ්ඩන ක්‍රමවේද රැසක් ෂරියා නීතිය තුළ ක්‍රියාත්මක වේ. ඉන් එක් දඬුවමක් වන්නේ ගල් ගසා මරා දැමීමයි. මෙම ලිපිය තුළින් ගල් ගසා මැරීම කෙතරම් අයුක්ති සහගත වූ ක්‍රියාවක්ද නැතිනම් එය කෙතරම් අශිෂ්ඨ ක්‍රියාවක්ද යන්න පිළිබඳ විචාරය කිරීම සිදු නොවනු ඇත. එහෙත් මෙම දඬුවම පිළිබඳ සරල හැඳින්වීමක් පමණක් පහත දක්වා ඇත.
ඉස්ලාමිය ෂරියා දණ්ඩන නීතියට අනුව පහත සඳහන් කොන්දේසි ගල්ගසා මරා දැමීමේ දඬුවම සඳහා අදාල වේ.
102 වගන්තිය - අනාචාරී පුද්ගලයකු වේ නම් ඔහු ඉඟටිය දක්වා වැළලීමෙන් ද අනාචාරී ස්ත්‍රියක් වේ නම් ඇය උර දක්වා වැළලීමෙන් ද අනතුරුව ගල් ගසා මරා දැමිය යුතුය.
103 වගන්තිය - යමකු ගල් ගසා මරා දැමීමට නියමව සිටින විටෙකදී දඬුවමින් මිඳුනේ නම් අදාල අයගේ අනාචාරී හැසිරීම වාචික සාක්ෂී මත ඔප්පු වන්නේ නම් නැවත දඬුවමට පැමිණවිය යුතුය. නමුත් ස්ව පාපෝච්චාරණයක් මත එසේ නොකළ යුතුය.
104 වගන්තිය - වැරදිකරු එක් පහරකින් හෝ දෙකකින් මරා දැමීමට සමත් වන තරමේ විශාල නොවූත් හෝ ඉතා කුඩා නොවූත් ගල්, දඬුවම සඳහා භාවිත කළ යුතුය.
මූලාශ්‍රය - ඉරාන ඉස්ලාමිය දණ්ඩ නීති සංග්‍රහය (2008)
ප්‍රධාන වශයෙන් ඉස්ලාමිය නීතිය අනුව ගල් ගසා මරා දැමීමට හේතුසාධක වන වරද වන්නේ අනාචාරයයි (Adultery). ශිෂ්ඨ සම්පනන ලෝකය තුළ මෙවැනි කෘෘර දඬුවම් කිසිලෙසකින් හෝ අනුමත් කරන්නේ නැත. එහෙත් මෙම නීති ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නැත.ශිෂ්ඨත්වයේ සුදු පිරුවටින් නිරුවත වසා සිටින අරාබියේ සැබෑ ස්වරූපය වන්නේ මිලේච්ඡත්වයයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගෘහසේවිකාවක් සෞදි අරාබියේ දී අනාචාරයේ හැසිරීම මත ගල් ගසා මරා දැමීමට නියමිතව සිටී. මීට පෙර ද රිසානා නම් ලාංකික තරුණිය හිස් ගැසුම් කෑවේ සෞදියේදී ය.බුදුන් වැඳිමේ වරදට සෞදියේ සේවය කරමින් සිටි තුංගසිරි කසපහර 100ක් දී නැවත ලංකාවට පිටුවහල් කළේද සෞදිය විසින්ම ය. අනෙකුත් අරාබි රටවලද නොවිඳිනා දුක් විඳින ලාංකික ශ්‍රම බලකාය අපමණය. ඒ අතුරින් ඇතැම්හු අතේ පයේ ඇණ ගසාගත්තෝය. තවත් පිරිසක් රත්වූ යකඩයෙන් පිළිස්සුනෝය. ඇතමෙක් සුල්තාන් මන්දිර වල ඉහළ මාලයන් හි සිට පහළට විසි කරනු ලදුව සදාකාලික අබ්බගාතයෝ වූහ.දෙපයින් ඇවිද ලංකාවෙන් පිටවූ බොහෝ දෙනා හතරැස් පෙට්ටිවලින් පෙරළා මව්රට බලා පැමිණියෝය.
ශ්‍රී ලංකා මහබැංකු දත්ත වලට අනුව (2015-Workers' Remittances)2014 වසරේදී මුළු විදේශ සේවා නියුක්තික ප්‍රේෂණය ඇ.ඩො.මි. 7,017.82 කි. විදේශ රැකියා අමාත්‍යංශයේ නිල දත්ත වලට අනුව (http://www.foreignemploymin.gov.lk/statics.) 2014 වසරේදී විදේශ සේවා නියුක්තියෙන් 63.22% ක් පුර්ෂයන් වන අතර 36.78% ක් කාන්තාවන් වේ. විදෙස් ගතවන කාන්තාවන්ගෙන් 90% ට වඩා රැකියාව වශයෙන් ගෘහසේවිකාවන් ලෙස කටයුතු කරන අතර ඉන් 75%ට වඩා ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයේ සේවය කරයි.(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වාර්තා - 2014)මෙරට අපනයන ආදායම හැරුණුවිට විදේශ සේවා නියුක්තිය හරහා දේශීය ආදායමට විශාල දායකත්වයක් හිමි වේ. මෙරට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් බහුතරය නුපුහුණු සේවකයන් හෝ ගෘහ සේවිකාවන්ය.( මහබැංකු වාර්තා - 2014). ඒ අනුව බලන කළ අප රටට ආදායම උපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ සේවා නියුක්තියේ 56%ක් නුපුහුණු ශ්‍රමිකයන්වේ. තමා විදෙස්ගත වන රාජ්‍යයේ සමාජ හා නෛතික පසුබිම හෝ තම වෘත්තීය හැකියාව පිළිබඳව හෝ නොදත් අසරණයන් පිරිසක් තම ජීවිත පරදුවට තබා සොයන සොච්චමෙන් අපි රටක් හැටියට ඉදිරියට යමින් සිටිමු. ඒ මදිවට රෙද්දපල්ලෙන් බේරෙන නරිවාදම් ද දොඩමින් සිටිමු. ආරාබියට ගෑණුන් පටවන ආර්ථිකයකට කොතරම් දුරක් තිරසාරව පැවතිය හැකිද..?
මෙරට සාක්ෂරතාවය 98.1% කි. එය දකුණු ආසියාවෙන් ඉහළම අගය ගන්නා වූ ප්‍රතිශතයයි. ඒ අනුව මෙරට බහුතරයක් දෙනා කිසියම් වූ නිපුණතාවයක් හිමි අයවලුන් යැයි නිශ්චය කළ හැක. එහෙත් මෙරට ශ්‍රමබලකායට සාපේක්ෂව දේශීය රැකියා උත්පාදනය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම දරිද්‍රතාවය, දිනෙන් දින ඉහළ යන සමාජ ගැටළු හා උද්ධමනය වැනි කරුණු මත දේශීය වශයෙන් රැකියාවක් සොයාගන්නවාට වඩා විදේශ රැකියාවක නිරත වීම පහසු යැයි බහුතරයක් අතර මතවාදයක් පවතී.මේ අනුව වෘත්තිය දැනුමක් නොමැති නුපුහුණු ශ්‍රමිකයන්ගේ විදෙස්ගතවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.එපමණක් නොව අධ්‍යාපනික හා වෘත්තිය දැනුමෙන් පොහොසත් බුද්ධිමතුන්ගේ බුද්ධි ගලනයත් දිනෙන් දින වර්ධනය වන්නකි.
මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතින විට මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් තවමත් ‘අත්තන ඇට කෑ උන් සේ‘ පසුවීම රටේ අවාසනාවය. අන්තිමේදී සිදුවන්නේ අරාබියේදී ගල් ගසා මරන්නට නියමු වූ අපේ ගැහැණියක වෙනුවෙන් කොළඹ 7 සුපිරි පැලැන්තියේ කාන්තා සංවිධාන වල ගැහැණුන් තම බොරු රඟපෑම් තුම්මුල්ලේ රඟදැක්වීමත්, සති ගණනක් පුරා පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ විවාද කිරීමත්, ෂරියා නීතිය පට්ට ගැසීමත් පමණි.
අපට අරාබිය හෝ් ෂරියා නීතිය හෝ වෙනස් කළ නොහැක. එහෙත් අපට අපේ රටේ ආර්ථික, දේශපාලන හා සාමාජයීය ප්‍රතිපත්තීන් වෙනස් කළ හැක.
(වැඩිදුර පරිශීලනයට මහබැංකු වාර්ෂික වාර්තාව - 2014 http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2014/Sinhala/content.htm)
No comments:
Post a Comment