අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
හෙවත් ‘අන්තරේ‘ යනු ශ්‍රි ලාංකික සමාජ ප්‍රවාහය තුළ වඩා බලගතු බලපෑම් කණ්ඩායමකි(Pressure Group).ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අන්තරේ තරම්
බලගතු වූ වෙනත් කිසිඳු ශිෂ්‍ය සංවිධානයක් නැති තරම්ය. එදා මෙදා තුර මෙරට සෑම සිසු
අරගලයකටම නායකත්වය සැපයුවේ අන්තරේ විසිනි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අන්තරේ යන නම
පට බැඳෙන්නේ 1986 දී ය. එය හඳුන්වාදෙන්නේ ‘දිවයින‘ පුවත්පත මඟිනි.
අන්තරේ නිල
වශයෙන් ආරම්භ වන්නෙ 1969 ජුනි 28 වැනිදා පේරාදෙණිය සරසවියේදී වන අතර එහි ප්‍රථම සභාපතිවරයා වූයේ මැල්කම්
විජේසිංහ යි. අන්තරේ යනු ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සියළුම ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පොදු ව්‍යාපාරයකි.අන්තරේ යනු හුදෙක් ශිෂ්‍ය ව්‍යාපාරයක් පමණක්ම නොව. එය මෙරට වෙනත් බහුජන හා සමාජ ව්‍යාපාරයන් හා බද්ධව සමස්ථ පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාකිරීමට සැමවිටම පෙරමුණ ගත් සංවිධානයකි. න්‍යායාත්මකව ගත්කළ සැමවිටම පාහේ අන්තරේ පසුවූයේ වාමාංශික දෘෂ්ඨිගතිකත්වයක් තුළය. 1980 දශකයේ සිට පැවති රාජ්‍ය මර්ධනය හමුවේ වූවද වඩාත් ක්‍රියාකාරී වූ අන්තරේ සිය සටන් ව්‍යාපාරයන් අනේක බාධකයන් හමුවේ නොසැලී ඉදිරියට මෙහෙය වීමට සමත් විය.
අන්තරේ ප්‍රභල සමාජ ව්‍යාපාරයක් බවට ශක්තිමත් කර ඇති ප්‍රධානතම සාධකය වන්නේ එහි ප්‍රභල සංවිධාන ව්‍යුහයයි. අන්තරේ නිලවරණය පැවැත්වීමේදී ඊට සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයන් සහභාගී වේ. එහිදී විවිධ දේශපාලනික මතවාදයන් හි ආභාෂය ලැබූ ශිෂ්‍ය සංගම් තුළින් ඉදිරිපත් වන නාමයෝජනා අනුව පවත්වන නිලවරණය හරහා නිලධාරීන් පත්කරගනු ලැබේ. ඒ අනුව අන්තරේ බලය,1969 සිට 1972 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංවිධානයට ද 1973 සිට 1977 දක්වා ශ්‍රී ලංකා
කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට ද 1978 සිට 2011 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ද 2012 සිට අද දක්වා පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට ද හිමිවිය. එහෙත් කිසිඳු අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වූ සමවාදී ශිෂ්‍ය සංගමය වෙත අන්තරේ බලය හිමි නොවීම ද විශේෂත්වයකි.
මෙරට ශිෂ්‍ය ප්‍රජාව
උදෙසා නිදහස් අධ්‍යාපනයත් - අධ්‍යාපනයේ නිදහසත් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් පැවති
රාජ්‍ය පාලන තන්ත්‍රයන්ගේ මිලේච්ඡ, අධම මර්ධනකාරීත්වය හමුවේ අන්තරේ ට
නායකත්ව සැපයූ බොහෝ ශිෂ්‍ය නායකයෝ දිවි පිදූහ. ඒ අනුව 1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන්වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ
රංජිතම් ගුණරත්නම්, කොළඹ නීති පීඨයේ සරත් එදිරිසූරිය, කැළණිය ශ්‍රාස්ත්‍ර පීඨයේ මච්චාගම සේනාරත්න, මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල දිසානායක, කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති
ජයවර්ධන යන කැඳවුම්කරුවන් සියළු දෙනාම පාලකයන් විසින් ඝාතනය කරවීය.
1980 දශකයේ භීෂණ සමයේ ඝාතනයට ලක් වූ අන්තරේ කැඳවුම්කරුවන් (ඉහත නම් සඳහන් පිළිවෙලට)
මෙරට ප්‍රථම ශිෂ්‍ය ඝාතනය වූ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය ශිෂ්‍ය වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 දා සිට අද වනතුරු ඝාතනයට ලක්වූ
සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවන කැරළි සමය වන
1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනයට ලක්වූ සරසවි සිසුන් 396ක්
හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් විය. ජවිපෙ දෙවන කැරළි සමයේදී ඝාතනයට ලක්වූ
පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976 සිට මේ දක්වා
ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සරසවි සහ පාසැල්
සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා බවට එදා මෙන්ම වර්තමානයේ ද පත්ව තිබෙන්නේ අන්තරේ ය.
අද වන විට අන්තරේ ට අාබද්ධව අනෙකුත් ශිෂ්‍ය සංවිධානයන් ලෙස අනතර් පාසල් ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ශිෂ්‍ය එකමුතුව වැනි ශිෂ්‍ය සංවිධානයන් කීපයක්ද ක්‍රියාත්මක වේ.
No comments:
Post a Comment