‘මාක්ස්‘ කියනවා තවත් ජාතියක් යටපත් කරන්න සිතන කිසිඳු
ජාතියකට නිදහස් ජාතියක් විදිහට නැඟී සිටින්න බැහැ කියලා. ඒක ඇත්තක්. අපිට අපේ
නිදහස ගැන හිතන්න නම් අපි ඉදිරියේ සිටින අනෙකාගේ නිදහස අපි අතින් උල්ලංඝණය නොවිය
යුතුයි. වසර ගණනාවක් පුරා බහුතරවාදය හා සුළුතරවාදය තුල මිරිකෙමින් අපි එකිනෙකාගේ
නිදහස අහිමිකර ගත්තා. සැබෑ ගැටලුව කුමක්ද? ගැටළුවට වගකිවයුත්තේ කවුද? යන්න පිලිබඳ
නිනව්වක් නොමැතිව දහස් ගණනින් එකිනෙකා මරාගත්තා.මැරුණේ අපේ පංතියේ අපේම උන්.නමුත්
අපේ පිට ප්‍රශ්න පටවා අපි අපිවම මරගැනීමට සැලැස්වූ උන් එකිනෙකා හා සිනාමුසුව අතට
අත දී සතුටු සාමීචියේ යෙදුණා. ගැටලුව සිංහල හෝ දෙමළ භාෂා තුළ නැත. ගැටලුව සිංහල හෝ
දෙමළ ජනවර්ග තුළ නැත. ගැටලුව ඇත්තේ පංතිය තුලයි. පීඩකයා හා පීඩිතයා තුළයි.පීඩකයන්ට
ජාතියේ, ආගමේ හෝ වර්ණයේ වෙනසක් නැතුවා සේම පීඩිතයාටද ජාතියේ, ආගමේ හෝ වර්ණයේ්
වෙනසක් නැත. මේ සැබෑ ගැටීම පංති දෘෂ්ඨිකෝණයෙන් නිවැරදිව හඳුනාගන්නා තුරු අර්බුදයට
විසඳුමක් නොලැබෙනු ඇත.
උතුරේ දීපචෙලවන් ප්‍රදීපන් වගේම දකුණේ දර්ශන මෙන්දිස් මේ ගැටළුව නිවැරදිව හඳුනගත්තා. දර්ශන තමන්ගේ ‘කඳුලුමිටියාවත‘ (1992) කෘතියේ. “උතුරින් - දකුණට“ කියන පද්‍ය පංතිය.ඊට හොඳ උදාහරණයක්. ඔහු මේ පැදි පෙළට අපූරු අනු මාතෘකාවක් යොදනවා. ඒ තමයි ‘පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට‘ යන්න. දර්ශනගේ මේ කාව්‍යය ටිකක් විතර කපලා කොටලා ගුණදාස කපුගේ ශූරීන් පසුකාලීනව ගායනා කරනවා ගීතයක් හැටියට. දර්ශන වරෙක ප්‍රකාශ කරනවා “මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි“ කියලා.(http://www.boondi.lk/article.php?ArtID=985)
මේ පහත දැක්වෙන්නේ දර්ශන මෙන්දිස් ගේ ‘කඳුලු මිටියාවත‘ කාව්‍ය සංග්‍රහයේ සඳහන් වූ ‘උතුරින් දකුණට‘ පද්‍යයේ සම්පූර්ණ වචන මාලාවයි.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
No comments:
Post a Comment