පෙරදිග සංස්කෘතියට අනුව නම් හැම දෙයක්ම කලාවක්. ගොවිතැන, වාරි කර්මාන්තය, ඉදිකිරීම්, භාෂාව, ඇඳුම් පැළඳුම්, සංගීතය, නැටුම්, චිත්‍ර, සිරිත් විරිත් මේ හැම සංස්කෘතිකාංගයක්ම ප්‍රාචීණ මිනිහට කලාවක්. ඒ වගේම සටන් කිරීමත් කලාවක් විදිහට ප්‍රගුණ කරන්න පෙරදිග ජනයා පුරුදු වෙලා හිටියා. මේ නිසා හැම අතින්ම පාහේ අතීතයේ පෙරදිග; බටහිරට වඩා හුඟක් ඉදිරියෙන් හිටියා.
මේ කතා කරන්න යන්නෙත් කලාවක් පිළිබඳව. සරලව පැහැදිලි කළොත් සටන් කලාව (Martial Art) පිළිබඳව. බටහිරට ඇත්තේ සටන් කලා කීපයක් පමණයි. මුෂ්ඨි හරඹ(Boxing), පා මුෂ්ඨි හරඹ (Kick Boxing) මල්ලව පොර (Wrestling) ,ප්‍රංශයේ ‘සවාට්‘(Savate) හා ‘ෆෙන්සින්‘(fencing) රුසියානු සම්භවයක් ඇති ‘සම්බෝ‘ (Sambo) නම් සටන් කලාව මේ ලියුම්කරු දන්නා අපරදිග සටන් කලා අතරින් කීපයක්.
නමුත් පෙරදිග රටවල උසස් තාක්ෂණයෙන් යුක්ත සටන්කලා ගණනාවක් තියෙනවා. ඒවා කාලාපයෙන් කලාපයට වෙනස්.
දකුණු ආසියානු කලාපයේ සටන් කාලා පිළිබඳ සලකා බලන විට ඉන්දියාවේ පැවති ‘මල්ල යුද්ධ‘ නම් සටන් කලාව සිද්ධාර්ථ කුමරයා පවා ප්‍රගුණ කර ඇති සටන් කාලාවක් ලෙස සැලකෙනවා. වර්තමානයේ මෙය ‘කබඩි‘ ක්‍රීඩාව ලෙස පරිවර්තනය වී තිබෙනවා. අද වන විට දේශීය ඉන්දියානු සටන් කලා ලෙස ‘කලරියප්පට්ටු‘(Kalaripayattu), ‘ගතක්‘ (Gatka) සහ ‘සිලම්බම්‘(Silambam) යන සටන්කලා පෙන්වාදිය හැකියි. ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ සිටම පැවති ශ්‍රේෂ්ඨ සටන් කලාවක් ලෙස ‘අංගම් පොර‘ (Angampora)හඳුන්වාදෙන්න පුළුවන්. මීට අමතරව අග්නිදිග ආසියානු රටවල පවතින සටන්කලා ලෙස; තායිලන්තයේ ‘මුඒයි තායි‘(Muay Thai) ලාඕසයේ ‘මුඒයි ලාඕ‘(Muay Lao), ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ ‘සිලාත්‘ (silat) , මියන්මාරයේ ‘බැන්ඩෝ‘ (Bando), පිලිපීනයේ ‘ඒස්ක්‍රිමා‘(Eskrima) වැනි සටන් කලා උදාහරණ ලෙස දැක්විය හැකියි. නැගනහිර ආසියාවේ සටන් කලාවන් චීනය, ජපානය හා කොරියාව මුල්කරගෙන බිහිවී තිබෙනවා. කොරියානු සටන්කාලා ලෙස ‘ටයි ක්වොන් ඩෝ‘ (Taekwondo), ‘ටෙක්යොන්‘ (Taekkyeon) හා ‘හප්කිඩෝ‘ (Hapkido) වැනි සටන් කලා හැඳින්විය හැකියි. ජපන් සටන් කලා අතරින් ‘කරාතේ‘(Karate), ‘අයිකිඩෝ‘ (Aikido), ‘ජූඩෝ‘(Judo) ‘ජුයි ජිට් සු‘(Jujitsu) ‘නින්ජිට් සු‘(Ninjutsu), සූමෝ‘(Sumo)‘කෙන්ඩෝ(Kendo) හා කියුඩෝ (Kyudo) වැනි සටන් කලා ප්‍රධාන වෙනවා. චීන සටන් කලා ලෙස ‘කුන්ග් ෆු‘ (Kung Fu) ‘තායි චී‘ (T'ai chi ch'uan) හා ‘වින්ග් චුන්‘(Wing Chun) යන සටන් කලා මූලික වශයෙන් හඳුන්වාදිය හැකියි. සෑම ආසියානු සටන්කලාවක්ම පාහේ බෞද්ධ දර්ශනය පදනම් වී ගොඩනැගුණු ඒවා වීම සුවිශේෂියි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් චීනයට ගිය මහායානික බෞද්ධ භික්ෂුවක් වූ ‘බෝධිධර්මන්‘ හිමියන් විසින් උගැන්වූ සටන් කලාව ‘ෂැවොලින්‘(shaolin) භික්ෂූන් විසින් වැඩි දියුණු කර ඇතැයි සැලකෙනවා. පසුව විවිධ ගුරු කුල යටතේ වඩා වර්ධනය වූ මෙම සටන් කලා චීනයේ සිට කොරියාවට හා ජපානයට සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකියි. කෙසේ වෙතත් ඔෂීනියානු හා අප්‍රිකානූ සටන්කලා බොහෝදුරට විවිධ වූ ගෝත්‍රික ආභාෂයන් මත නිර්මාණය වූ ඒවායි.

අතීතයේ සිට පරිණාමය වූ සටන් කාලාවන්ට අමතරව මෑත කාලීනව ලෝකයේ නවීන සටන්කලා රාශියක් බිහිවී තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ සටන් කලාවක් වන්නේ ප්‍රකට සටන්කරුවකු වන “බෘෘස් ලී“ විසින් හඳුන්වාදුන් ‘ජීට් කුන් ඩෝ‘ (Jeet Kune Do) සටන් කලාවයි. මෙය වර්තමානයේ වඩාත් ප්‍රචලිත සටන් කලා අතුරින් එකක්. එය පෙරදිග ‘වින්ග් චුන්‘ සමඟ අපරදිග ‘මුෂ්ඨි හරඹ‘ සහ ‘ප්‍රංශ කඩු සටන්‘ යන සටන්කලාවන් හි මූලිකාංග කැටි කොට නිර්මාණය කරන ලද සටන් කලාවක්. තවත් වැදගත් නූතන සටන් කලාවක් ලෙස ‘ක්‍රාව් මාගා‘(Krav Maga) සටන් කලාව හැඳින්විය
හැකියි. එය ඊශ්‍රායල සම්භවයක් ඇති සටන් කලාවක්. වර්තමානයේ බොහෝ රටවල හමුදා
සොල්දාදුවන් විසින් මෙම සටන්කලාව අධ්‍යයනය කරනු ලබනවා.
සටන් කලාවන් ප්‍රධාන වශයෙන් කුලකයන්
කිහිපයකටම බෙදා වෙන් කළ හැකියි.
- නිරායුධ සටන් කලා (Unarmed Martial Arts) උදා - කරාතේ
- ආයුධ සහිත සටන් කලා (Armed Martial Arts) උදා - කියුඩෝ
නිරායුධ සටන් කලා තවදුරටත් බෙදා දක්වනවා නම්,
- පහරදෙන සටන් කලා (Strike Martial Arts) උදා - මුෂ්ඨි හරඹ(Boxing)
- පොරබදින සටන් කලා (Wrestling Martial Arts) උදා - සූමෝ
තවත් ආකාරයට මෙම සටන් කලා වර්ග කරනවා නම්,
- සිටි පහර සටන් කලා(Stand Up Strike) උදා - ටයි ක්වොන් ඩෝ
- භූමි සටන් (Ground Fighting) උදා -මල්ලව පොර
- භූමි සටන් ප්‍රධාන කොටස් 2කි.
- විසිකිරීමේ කලා(Throwing Martial Arts) උදා - ජූඩෝ
- මෙල්ල කිරීමේ කලා(Grappling Martial Art) උදා - ජුයි ජිට්සු
පහරදෙන සටන්කලා ප්‍රධාන කොටස් 3ට වර්ග කළ හැකියි.
- තදින් පහර දීම(Full Contact) උදා - මුඒයි තායි
- අර්ධ පහර දීම(Semi Contact) උදා - වින්ග් චුන්
- සැහැල්ලු පහර දීම(Light Contact) උදා - තායි චී
ශක්තිය යොදන්නේ කවුද? යන්න මත ද සටන් කලා වර්ග කළ හැකියි.
- පහර දෙන්නා ශක්තිය යොදන සටන්කලා( Using Offensive force) උදා - මුඒයි තායි
- ප්‍රතිවාදියාගේ ශක්තිය භාවිතා කරන සටන්කලා (Using Defensive force) උදා - අයිකිදෝ
සටන ආරම්භ කරන ආකාරය අනුව සටන් කලා වර්ග 2කි.
- පහරදෙන සටන් කලා(Offensive Martial Arts) උදා - ජීට් කුන් ඩෝ
- පහර වලකන සටන් කලා(Defensive Martial Arts) උදා - වින්ග් චුන්
සටන්වදින්නේ පුද්ගලයන් කීදෙනකු සමඟද යන්න මත ද සටන් කලා වර්ග කළ හැක,
- මුහුණට මුහුණ සටන් (Face to Face Fighting) උදා - ෆෙන්සින්(ප්‍රංශ කඩු සටන්)
- සමූහ සටන් (Gang Fighting) උදා - මල්ල යුද්ධ
පහරදීමට භවිත කරන ශරීර අවයවය කුමක්ද යන්න මතද සටන් කලා වර්ග කළහැක.
- අත් පහර සටන් කලා (Hand Strike Martial Arts) උදා - මුෂ්ඨි හරඹ(Boxing)
- පා පහර සටන් කලා(Leg strike Martial Arts) උදා - ටයි ක්වොන් ඩෝ
- අත් හා පා පහර සටන් කලා(leg & Hand Strike Martial Arts) උදා - පා මුෂ්ඨි හරඹ(Kick Boxing)
මේ එක් එක් සටන් කලාවන් සම්බන්ධව වෙන වෙනම සලකා බැලූ විට විවිධ වූ අනන්‍යතාවයන්, ප්‍රභලතාවයන් හා දුර්වලතා පවතිනවා. ඒ අනුව වඩාත් විශිෂ්ඨතම සටන් කලාව මෙය යැයි සැලකිය හැකි කිසිඳු සටන් කලාවක් හඳුනැගනීම අපහසු කාර්යයක්. සෑම සටන් කලාවක්ම ස්වභාවදහමේ අනුසාරයෙන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා යි. සටන යනු සෑම සත්ත්වයකු හටම පොදු වූ හැකියාවක්. මිනිසා විසින් ස්වකීය ජන්ම හැකියාව වර්ධනය කරගැනීමට සටන් කලා බිහිකරගත්තේ යැයි නිගමනය කළ හැකි වන්නේ ඒ නිසයි.