Thursday, October 29, 2015

නිහඬ බව ගැඹුරුයි..
මතුපිටින් සරල ලෙස පෙනුනත්,
එය ඇතුළාන්තයෙන් සංකීර්ණයි.
නිහඬ බව තියුණුයි..
සදාතනිකයි,ඒ වගේම ගතිකයි.
නිහඬ බව ලෝකයේ ශක්තිමත්ම ස්වභාවයයි.
විශ්වයත් නිහඬයි.
මහ මුහුදත් නිහඬයි.


විප්ලවවාදියා,
සදාතනික පරාර්ථකාමීයි.
සටන්කාමියි.
අධිෂ්ඨානශීලියි.
කැරළිකාරයි.
ජවසම්පන්නයි.
නිර්මාණශීලියි.


නිහඬ බව විප්ලවවාදියාට ආභරණයක්
ඔහු නිහඬ බවට ආදරෙයි.
ඒ නිසාම තනිකඩයි.
ඔව්, තනිකම ඔහුට ආශිර්වාදයක්.
ඔහු තනිකමට ආදරෙයි.


‘විමුක්තිය‘ විප්ලවවාදියකුගේ අවසාන අරමුණයි.
ලෝකය වෙනස් කළේ
නිහඬ විප්ලවවාදින්.
සිද්ධාර්ථ,යේසුස්,ප්ලේටෝ,නිවුටන්,ලෙනින්,චේ,
මේ හැමෝම
නිහඬයි,
ඒ වගේම අධිෂ්ඨානශීලීයි.


ජීවිතයේ තනිකඩ බව
System එකේ වෙනසක්
ඉවකරන එකෙකුට
හොඳම ජීව මාධ්‍යයක්.


පොඩි වෙනසක්,
අළුත් ආරම්භයක්,
ලොකු අරමුණක් සහිත ගමනක්,
තනිකඩ කැරළිකාරයෙක්
සිය හෘදසාක්ෂිය අවදි කිරීමට
ගන්නා සරල උත්සහයක්.

No comments:

Post a Comment